ආර්ථික පද්ධති



1.ආර්ථික පද්ධති හදුනා ගැනීම.

සමාජයේ පොදු ලක්ෂනයක් වන හිගකම නිසා පැන නගින මූලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා සකසා ඇති සමාජීය සහ ආයතනික වැඩපිළිවලක් ලෙසට ආර්ථික පද්ධත්යක් හදුනා ගැනේ.

ආර්ථික පද්ධතියක් සතු ප්‍රධාන කාර්යයභිරයන් 03 කි.

  1. කවර භාණ්ඩ කොතරම් ප්‍රමාණවලින් නිපදවිය යුතු බව.

  2. භාණ්ඩ නිෂ්පාදනය කළ යුත්තේ කේසේද යන්න තීරණය කීරිම.

  3. කා සදහා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබේද යන්න තීරණය කීරිම.


ආර්ථික පද්ධතියක් තුළ දක්නට ලැබෙන ආයතනික ලක්ෂන,

  • කුටුම්බ දක්නට ලැබිම.

  • ව්‍යාපාරික අංශයක් දක්නට ලැබිම.

  • වෙළෙදපොළවල් දක්නට ලැබිම.

  • කම්කරු සංවිධාන දක්නට ලැබිම.

  • ආණ්ඩුවක් දක්නට ලැබිම.

  • රාජ්‍ය නොවන සංවිධාන දක්නට ලැබිම.

  • සානුබල (අභිප්‍රේරණ) පද්ධතියක දක්නට ලැබිම.

  • නෛතික ව්‍යුහවක් දක්නට ලැබිම.

  • සිරිත් විරිත්, සම්ප්‍රධායන් සහ සංස්කෘතියක් දක්නට ලැබිම.

 

ප්‍රාථමික සාමුහික ආර්ථික පද්ධතිය,

ලක්ෂණ:- 

  • මුලික නිෂ්පාදන සාධක පිළිබද පොදු අයිතියක් පැවතිම.

  • පොදු පාරිභෝජන රටාවක් පැවත්ම සහ නිෂ්පාදනය සාමූහිකව බෙදා ගැනිම.

  • නිෂ්පාදන උපකරණ ඉතා ප්‍රාතමික ම‍ට්ටමේ පැවතීම සහ නිෂ්පාදනය ඉතා අඩු අගයක් ගැනිම.

  • පෞද්ගලික දේපල අයිත්යක් ‍නොපැවතිම නිසා සුරාකැමක් දක්නට නොලැබිම හේතුන් මෙම ප්‍රාථමික කොමියුනිස්ට් සමාජයක් ලෙසට මාස්ක්ස් සැලකීය.


ප්‍රාථමික සාමුහික ආර්ථික පද්ධතිය බිඳ වැටී ගිය ආකාරය, 
  • කාලයත් සමඟ තාක්ෂණය වෙනස් විම.

  • අළුත් නිෂ්පාදන ක්‍රියා ආරම්භ විම.

  • නිෂ්පාදනය වර්ධනය වීම.

  • සමාජය වංශ ක්‍රමයට සංවිධානය විම සහ ඒ මත පදනම්ව ගෝත්‍ර බිහි විමත් ස්වංපෝෂිත බාවය බිඳවැටීම.

  • ගෝත්‍ර අතර වැඩ බෙදා ගැනීම හරහා විශේෂ ප්‍රාගුන්‍යයක් බිහි විම සහ ඒ හරහා අතිරික්ත නිෂපාදනයක් බිහි වීමත් ස්වංපෝෂිතභාවය බිඳවැටීම.

  • පෞද්ගලික දේපොළ අයිත්යක් සමාජය තුළ තහවුරු වීම සහ පවුල ස්වාධින ආර්ථික ඒකකයක් බවට පත්විම.


2.වහල් ආර්ථික පද්ධතිය.

ලක්ෂණ:- 

  • පෞද්ගලික දේපළ ක්‍රමයක් දක්නට ලැබිම සහ ශ්‍රමිකයන් දේපොළ වර්ගයක් ලෙස සැලකීම.

  • වහලෙකු තබා ගැනීම වහල් හිමියාට අන්රික්ත නිෂපාදනයක් බිහි කර ගත හැකි විම.

  • නිෂ්පාදන ක්‍රම ශිල්පවල දියුණුව නිසා අතිරික්ත නිෂ්පාදන වේගවත් වීම.

  • එකිනෙක වෙනස් සමාජ පංති ක්‍රමයක් නිර්මාණය වීම.

  • මෙම ක්‍රමය මත පදනම්ව විශාල අධිරාජ්‍යයන් ගොඩ නැගීම.(ඊජිප්තුව,ග්‍රිසිය, සහ රෝමය ආදි ලෙස)


වහල් ආර්ථික පද්ධතිය බිඳ වැටී ගිය ආකාරය:-

  • කාලයත් සමඟ තාක්ෂණය වෙනස් වීම.

  • සමාජ පංති අතර ගැටුම්.

  • රාජ්‍යයන් අතර පැවති අරගව.


3.වැඩවසම් සමාජ පද්ධතිය


ලක්ෂන:- 

  • කෘෂිකාර්මික සමාජ ක්‍රමයක් ලෙස සැලකිය හැකි අතර  මූලික නිෂ්පාදන සම්පත වුයේ  ඉඩම් ය. 

  • සියළු  ඉඩම් වල පරම අයිතිය රජතුමා සතු වු අතර රජු විසින් රදළ සාමි වරුන්ට ඉ ඩම් බෙදා දී  තිබුණි.

  • අද ක්‍රමය රාජකාරි ක්‍රමය හරහා මෙ‍ම ඉඩම් වල වගා කටයුතු කළේ ප්‍රෙව්නි දාසයන් ය. 

  • ප්‍රෙවිනි දාසයන් විසින් රදලයින්ට හිම් ඩොමේන් වල නොමිලයේ සේවය කලේය. 

  • කෟෂි උපකරන සහ සතුන් රදලයන් සතු ව්ම.


වැඩවසම් සමාජය පද්ධතිය බිඳ වැටී ගිය ආකාරය:-

  • කාලයත් සමග තාක්ෂණය වෙනස් විම.

  • සමාජ පංති දෙක අතර වු ගැටුමි  සහ වෙළෙද පංතියක් නිර්මාණය විම.

  • වෙළෙදම ප්‍රචලිත විම සහ මුදල් භාවිතය පැණිම.


 

      3.වෙළඳපොළ/ ධනේෂ්වර ආර්ථික පද්ධතිය.

   භූමිය,ප්‍රාග්ධනය, වැනි භෞතික සම්පත්වල අයිතිය පෞද්ගලික අංශය සතුව පවත්නා ව්‍යවසායකත්වය කටයුතු පෞද්ගලික අංශය මඟින් මෙහෙය වන මූලික ආර්ථික ප්‍රශ්නය වෙළඳපොළ මිල ක්‍රමය මඟින් විසදාගනු ලබන සමාජ සංවිධානයක් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස සැලකේ. 

     මෙහි දක්නට ලැබෙන ආයතනික ලක්ෂණ:-   

  •      පෞද්ගලික දේපොළ හිමිකම.

  •      පෞද්ගලික ව්‍යවසාය සඳහා ඇති නිදහස.

  •      තරඟය සහ නිදහස් වෙළඳපොලවල් පැවතීම.

  •      ස්වාර්ථය පදනම් කර ගත් සානුබල.

  •      වෙළඳපොළ මිළ යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය.

  •      පාරිභෝගික ස්වාධිපත්තියක් පැවතිම.

  •      රාජ්‍ය නිර්බාධවාදයක් පැවතීම

  

  වෙළඳපොළ ආර්ථික පද්ධතියක මිල ක්‍රමය.වෙළඳවොළ ආර්ථික පද්ධතියක් වික ල්ප වශයෙන් මිල ක්‍රමය  ලෙසඳ සැලකේ.වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තුළ භාණඩ බා සේවාවල මිල ගණන් තීරණය වන්නේ ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරීත්වය තුළිනි.  වෙළඳපොළ ආර්ථික පද්ධතියක දක්නටලැබෙන සම්බන්ධීකරණ යාන්ත්‍රණය මිල ක්‍රමය වේ.ආර්ථිකය පුරා විසිරී සිටින පාරිභෝගිකයින් නිෂ්- පාදිතයින් සහ සාධක සපයන්නන් තම ස්වාර්ථය උදෙසා කටයුතු කිරී මේදී ඔවුන්  විසින් ගනු ලබන තීරණ මනාව සම්බන්ධීකරණය කිරීමින් ආර්ථිකයේ ව්‍යාකූලතාවක් ඇති නොකොට ක්‍රමානූකූලව මෙහෙවනු ලබන්නේ මිල ක්‍රමයයි.

  මිල ගණන් පදනම් කර ගෙන විවිධ ආර්ථික ඒකක තම තමන්ගේ ස්වාර්ථය උ දෙසා තීරණ ගනී. වෙළඳපොළ ආර්ථික පද්ධතිය ඉතා පුලුල් අන්දමේ සංනිවේදන පද්ධතියක් ලෙසටද සැලකේ.ආර්ථික පද්ධතියක් තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විභේදනය වී පවත්න අතර මිල යන්ත්‍රණය මඟින් ඒවා සම්බන්ධීකරණය කෙරේ.ආර්ථිකය  පුරා විකේන්ද්‍රණය වී ඇති අති විශාල  පුද්ගල සංඛ්‍යාවක් විසින් විසින් කරනු ලබන කිරිමල සාරංශ කිරීම් සහ එකිනෙක තුළනය කිරීම වෙළඳපොළ මිළ යාන්ත්‍රණය හරහා සිදු වේ.ආර්ථික පද්ධතියක ක්‍රමවත් ආකාරයට ක්‍රියාත්ම කරනුයේ කිසියමි පුද්ගලයේකු හෝ බම අදිකාරියක් නිසා නොව වෙළෙදපොල මිල යන්ත්‍රණය හරහාය.ඇඩමි ස්මිත් මෙම මිල යන්ත්‍රනය වෙළෙදපොළ මිල යන්ත්‍රනය හරහාය.ඇඩමි ස්මිත් මෙම මිල යාන්ත්‍රණය වෙළෙදපොළ ආර්ථික පද්ධතියේ අදෘශ්‍යමාන හස්තය ලෙස සැලකිය.සියඑ මුලික ආර්ථික ප්‍ර ශ්න විසදෙනුයේ මිල ක්‍රමය හරහාය.

   මිලෙහි කාර්යභාරයන් 03කි.

  •    තොරතුරු සංඥා සැපයිමේ කාර්යය.

  •    සානුබල සැප්‍යීෙම් කාර්යය.

  •    සලාකනය කිරීමේ කාර්යය.

     

    රාජ්‍ය නිර්බාධවාදය යනු:-

  රාජ්‍ය නිර්බාධවාදය යනු රජයක් විසින් අනවශ්‍ය ආකාරයට ආර්ථිකයට මැදීහත් නොවිය යුතු නැති බවට ඇඩම් ස්මිත් විසින් ප්‍රකාශ කළ අදහසයි.වෙළඳපෙළ ආර්ථික පද්ධතියක රජය නිර්බාධී වේ. රාජ්‍ය නිර්බාධවාදයෙන් රජයක් කිසිසේත් ආර්ථිකයට මැදිහතතතත් නොවිය යුතු යැයි අදහස් නොකෙරේ.

   

   4.විධාන ආර්ථික පද්ධතිය.

  විධාන ආර්ථික පද්ධතියකදි මුලික ආර්ථික ප්‍රශ්න ඇතුළු සියඑම ආර්ථික කටයුතුවල හුසිරිම තිරනය වන්නේ කිසියමි බලධරයකු විසින් දෙනු ලබන නියෝග හෝ මධ්‍ය සැළසුමි අධිකාරීයක් විසින් දෙනු ලබන නියෝග මතය.එබැවින්සියළු තිරන තනි පුද්ගලයකු හෝ සැලසුමි මංඩලය ක්රේන්දගත කරමින් සංකේන්ද්‍රණය වී ඇත.විධාන ආර්ථික පද්ධතියක අධිපති බලය ප්‍රජතාන්ත්‍රික රාමුවක් මත පිහිටා නිදහස් මැතිවරණයකින් බලය ලබා ගන්නා පුද්ගලයන් විසින් ක්‍රියාවට නැගිය හැකි සේම ඇතැමි විට අති දක්ෂිණාංශික ඒකාධිපති බලධරයෙකු යටතේ ද පැවැතිය හැකිය.අහෙත් වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන විධාන ආර්ථික පද්ධති මෙහෙයවනු ලබන්නේ සමාජවාදි දේශපාලන දර්ශනය මත නිසා විධාන ආර්ථික පද්ධතිය සමාජවාදි ආර්ථික පද්ධති ලෙසට ද හදුනා ගැනේ.

   

   විධාන ආර්ථික පද්ධතියක මුලික ලෂණ හදුනා ගැනිම.

  •    ශ්‍රමය හැරුනු විට සියඑම නිෂ්පාදන සමිපත් රාජ්‍යය සතු විම : ශ්‍රමය වුව ද සේවා නියුක්ත කිරිමට සිදුවන්නේ රජය විසින් දෙනු ලබන නියෝග වලට අනුකුලවය.

  •    මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනිමට සැලසුමි ක්‍රියාවලිය යොදා ගැනිම.

  •    ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකයින් වන්නේ රජය සහ සැළසුමි අධිකාරියල නිෂ්පාදන ව්‍යවසායල කමිකරුවන් සහ පාරිභෝගිකයන්ය.

  •   ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකයින් වන පාරීභෝගිකයන් ,ශ්‍රමිකයින් සහ නිෂපාදන ව්‍යවසාසකයින් අභිපේරණය කරන යන්ත්‍රණය වන්නේ පොදු යහපතයි.

  •    පෞද්ගලික නිදහස සීමා සහිත වීම.තරඟය නොමැති වීම,භාණ්ඩ හා සේවා වල මිල ගණන් මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් තීරණය වීම.

  •    ආදායම් ව්‍යාප්තියේ දැඩි විෂමතා නොමැත.ශ්‍රමය හැරුනු විට අනිකුත් සියළුම නිෂ්පාදන සම්පත් රජය සතුවන නිසා ශ්‍රමය එකම ආදායම් මූලාශ්‍රය ලෙස සැලකේ.සේවා නියුත්ති ඉඩ ප්‍රස්තා සහ ශ්‍රමයේ ගුණාත්මක තත්වයේ වෙනස්කම් මත ආදායමේ යම් විෂමතාවක් පවති.

   සැලසුම් ක්‍රියාවලිය.

   විධාන මඟින් මෙහෙයවන ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට ආදාල තීරණ ගනු ලබන්නේ  රජයේ මඟපෙන්වීම යටතේ ඇති මධ්‍යම සැලසුම් අධිකාරිය විසිනි.ආර්ථික සැලස්මසි යටතේ මධ්‍යම සැලසුම් අධිකාරිය ක්‍රියාත්වක වේ.ආර්ථික සැලැස්මක් යනු කිසියම් කිල රාමුවක් තුළ නිශ්චිත අරමුණු මාලාවක් ඉටු කිරීම සඳහා සමාජය සතු සම්පත් සංචලනය කිරීම හා ඒ තුළින් නිෂ්පාදන සංවිධානය කිරීමත් හා මෙහෙය වීමත් එලෙස නිපදවන භාණ්ඩ හා සේවා කුටුම්භ අතර බෙදා හරිනු ලබන ආකාරය යනාදී කාර්යයන් ඇතුලත් කොට සකස් කරනු ලබන විස්තරාත්මක වැඩසටහනකි.ආර්ථික සැලැස්මේ ඇතුළත් අරමුණු දේශපාලන අධිකාරිය විසින් තීරණය කරනු ලබන අතර එම අරමුණු මත පිහිටා සැලසුම් සකස් කිරිම හා ක්‍රියාත්මක කිරීම  මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් ඉටු කරයි.වසර 5,10, සහ 15, ආදී ලෙස නිෂ්පාදන සැලසුම් පැවතිය හැකි අතර  කෙටිකාලීන වාර්ෂික සැලසුම්ද පවති.

   මධ්‍යම සැලසුම් අධිකාරිය අසමත් වීම.

  •     සංවිධානය සහ සම්බන්ධීකරණය පිළිකඳ ගැටළු.

  •     තත්ත්ව පාලනයේ බිඳ වැටීම.

  •     සානුබල ප්‍රමාණවත් නොවීම.

  •     පරිසර හායනය වැඩිවීම.

   සමාජ වෙළඳපොළ ආර්ථික පද්ධතියක,රජය ආර්ථිකයට අවශ්‍ය සෑම විටමත් පෞද්ගලික අංශයට අවශ්‍ය සඋම විටමත් ආර්ථිකයට මැදිගත් විය යුතුය.සමාජ සාධාරණය ඉටු කිරීම සඳහා අති විශාල කාර්යභාරයක් සමාජ වෙළඳපොළ ආර්ථික පද්ධතියක රජය විසින් ඉටු කළ යුතු වේ.

            උදා:-ජර්මනිය හා නැගෙනහිර යුරෝපීය රටවල්.

   පරිවර්ථන ආර්ථිකයක් යනු,

  පරිවර්ථන ආර්ථිකයක් යනු, සමාජවාදී ආර්ථික ක්‍රමයන්ගෙන් මිදී ක්‍රමයෙන් ධනවාදී ආර්ථික ලක්ෂන පිළිගත් ආර්ථිකයන්ය.ගෝලීය ක්‍රියාදාමය සමඟ සමාජවාදී රටවල සමාජවාදී ආර්ථික ලිහිල් වීමක් ආරම්භ විය.දැඩි අනම්‍ය ප්‍රතිපත්තියක සිට සමාජවාදි රටවල් ක්‍රමයෙන් තම ආර්ථික ප්‍රතිපත්ති ලිහිල් කිරීම ආරම්භ කරන ලදී.එහිදී ඇති වු වෙනස්කම් නම්,

  •   ආවෘත්ත ආර්ථිකයක සිට ලිහිල් ආර්ථික ප්‍රථිපත්තියක් දක්වා වර්ධනය වීම, එහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයට විකිණීම වැනි පෞද්ගලීකරණ වැඩසටහන් ඇරඹීම.

  •   විදේශ ආයෝජකයන්ට රට තුළට පැමිණීමට පූර්ණ නිදහසක් පැවතීම.

  •    අභ්‍යන්තර මූල්‍ය කටයුතු ලිහිල් කිරීම.

  •    විදේශ වෙළඳාම සම්බන්දයෙන් මෙතෙක් පැවති දැඩි විනිමය පාලන ප්‍රතිපත්ති වෙනුවට ලිහිල් විනිමය පාලන ප්‍රතිපත්තියක් හදුන්වා දීම.

  •   වෙළඳපොළ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට පනවා තිබු සීමාකිරීම් යම් ආකාරයකට සරල කිරීම්.

   

   මිශ්‍ර ආර්ථික පද්ධතිය.

  මෙයින් අදහස් කරන්නේ වෙළඳපොළ යන්ත්‍රණය මඟින් සම්පත් බෙදා වෙන් කිරීම හා සැලසුම් ක්‍රියාවලිය තුළින් සම්පත් බෙදා වෙන් කිරිම බොහෝ දුරට එකිනෙක සමාන ප්‍රමාණයන්ගෙන් පවත්වාගෙන යනු ලබන ආර්ථිකයයි.ඉහත සඳහන් ආර්ථික පද්ධතිවල යම් යම් ලක්ෂණවල මිශ්‍රනයක් සැබෑ ලොව කවර ආර්ථික පද්ධතියක වුවද දක්නට ලැබුනත් ශුද්ධ විධාන ආර්ථිකයක් හෝ ශුද්ධ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් හෝ සම්ප්‍රධයික ආර්ථිකයක් හෝ ලොව කොතනකවත් දක්නට නොමැත.

   

   මිශ්‍ර ආර්ථික පද්ධතියක ලක්ෂන,

  •    ආර්ථිකයේ සිව් වැදෑරුම් ක්‍රියාකාරකයින් සිටී.ආර්ථික කාරකයින් හතර දෙනා වන්නේ,

  1.   පාරිභෝගිකයින්

  2.   නිෂපාදකයින්

  3.   නිෂ්පාදන සම්පත් හිමිකරුවන්

  4.   ආණ්ඩුව

  •    මිශ්‍ර ආර්ථිකයක පෞද්ගලික අංශය ස්වාර්ථය මත පදනම්ව ක්‍රියා කරන අතර රාජ්‍ය අංශය සමාජ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටී.

  •    මිශ්‍ර ආර්ථික පද්ධතිය පෞද්ගලික අංශය සහ පොදු අංශය යන අංශ දෙකම වෙන් වෙන්ව නිෂ්පාදන සම්පත් හිමිකර ගෙන සිටී.

  •   මිශ්‍ර ආර්ථික පද්ධතිය පෞද්ගලික අංශය විසින් මෙහෙයවනු ලබන ආර්ථික කටයුතු වලදී තරඟය ක්‍රියාත්මක වන අතර පොදු අංශය තුළ සම්පත් බෙදා හරින්නේ සැලසුම් යන්ත්‍රණය මගින් පෞද්ගලික අංශය විසින් නිපදවන භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගිකයන්ට  තෝරා ගැනීමේ ඉඩකඩක් දී ඇති අතර රාජ්‍ය අංශය විසින් සපයනු ලබන භාණ්බ වා සේවා වලදී තෝරා ගැනීමේ ඉඩකඩ අඩුය.

16 comments: