ආර්ථික විද්‍යාව නිර්වචනය හා පදනම


01.ආර්ථික විද්යාවේ විෂය ක්ෂේත්රය අවධාරණය කිරීම සඳහා යොමු  වු  නිර්වචන.


ආර්ථික විද්යාව,සීමාසහිත සම්පත් ප්රමාණයක් පවතින සාමාජයක් තුළ මිනිසාගේ භෞතික අවශ්යතා සහ අසීමිත වුවමනාවන් සපුරා ගැනීමට කටයුතු  කිරිමේ දී නිෂ්පාදනය,බෙදාහැරීම හා පරීභෝජනය යන ක්ෂේත්රයන්හි මිනිස් හැසිරිම විග්රහ කිරිමට සුවිශේෂ වශයෙන් යොමු වු විෂයක් ලෙසයි.(එනම් තේරීම කරන ආකාරය හා ඒවායින් සමාජයට ඇත්වන ප්රථිපලය)


පොල් සැමුවල්සන්ට අනුව,

සමාජයය විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරිම සඳහා හිඟ සම්පත් භිවිතා කරනු ලබන්නේ කේසේදඑලෙස නිෂ්පාදනය කරනු ලබන   භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයින් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද, අධ්‍යනය කරනු ලබන විෂයක් බවයි..


ආර්ථික විද්‍යාව තුළ අන්තර් ගත වු ප්‍රධාන කරුණු  2ක් අවධානය කෙරේ.  

  • සමාජයේ භාණ්ඩවල හිගකමක් පවතින බව.

  • සමාජය සතු හිග ස ම්පත් කාර්යක්ෂමව උපයෝජනය කළයුතු බව.

  • වාස්තවික ආර්ථික විද්‍යාව හා අභිමතානුරූපි ආර්ථික විද්‍යාව.

  • සූක්ෂම ආර්ථික විශ්ලේෂණය හා සාර්ව ආර්ථික විද්‍යාව.



02.ආර්ථික විද්යාව තුළ අන්තර් ගත විෂය ක්ෂේත්රය, සූක්ෂම ආර්ථික න්යාය (Microeconomics) සහ සාර්ව ආර්ථික න්යාය (Microeconomics) වශයෙන් ප්රධාන කොටස් දෙකකට වෙන් කළ හැකිය.


සූක්ෂම ආර්ථික න්‍යාය අවධානය යොමු කරන්නේ ආර්ථික පද්ධතියක් තුළ සිටින පාරිභෝගිකයන්,ශ්‍රමිකයින්, නිෂ්පාදන ආයතන හා රජය තීරණ ගන්නා විවිධ ඒකකයන්හි හැසිරිම විග්‍රහ කිරිම කෙරෙහිය.එකී ඒකක විකල්ප හමුවේ තේරීම් කරන ආකාරයත්, එම තේරීම් නිසා ඇතිවන ප්‍රතිඵලත් මෙහිදි විශ්ලේෂනය කෙරේ.වෙලඳපොළ,නිෂ්පාදන ආයතන හා කුටුම්භ යන ඒකකයන්හි මෙහිදි ප්‍රධාන වශයෙන් අවධානයට පාත්‍ර වේ.
කිසියම්  විග්‍රහ කිරිම ආර්ථික පද්ධතියක් සමස්තයක් වශයෙන් ගෙන එහි ව්්‍යුහය සාධනය හා හැසිරිම පිළිබඳව, විශ්ලේෂනය කිරිම සාර්ව ආර්ථික න්‍යාය වශයෙන් හදුන්වනු ලබයි.ආර්ථිකයේ උත්පාතයන් හා අවපාතයන්, විරැකියා මට්ටම්, ගෙවුම් ශේෂය,වින්මය අනුපාතිකය, උද්දමනය යනාදිය සාර්ව ආර්ථික විශ්ලේෂනය සඳහා ප්‍රධාන වශයෙන්  බැර කෙරෙන මාතෘකාවෝය.



03.ආර්ථික විද්‍යාව සාමාජිය විද්‍යාවක් බවට හදුනා ගැනීම.


ආර්ථික විද්යාව විග්රහ වන්නේ සාමාජිය විද්යාවක් ලෙසයි.ආර්ථික විද්යාව සාමාජිය විද්යාවන් අතර රැජින වශයෙන් හදුන්වනු ලැබේ.යහපත් ජිවිතයක් ගත කිරීම සඳහා අවශ් කරන භෞතික වුවමනා සපුරා ගැනීම වස් පුද්ගලයන් සහ සමාජය ක්රියාත්මක වන ආකාරය,ආර්ථික විද්යා විෂය තුළ අවධානයට පාත් වන ප්රධාන කරුණුය.එමගින් සාමාජය තුළ කුමක් නිෂ්පාදනය කළ යුතුද? කේසේ නිෂ්පාදනය කළ යුතුද? කා සඳහා නිෂ්පාදන කළ  යුතුද? යන සාමාජීය තේරිම්  ආශ්රිත මිනිස් හැසිරිම් විග්රහ කරයි.
එමෙන්ම මෙය විද්යාවක් ලෙසද සලකයි.මිනිස් හැසිරීම් විද්යාත්මක ක්රමවේදයන් ඔස්සේ විග්රහ කරන බැවින් මෙය විද්යාවක් ලෙසද සැලකේ.එබැවින් ආර්ථික විද්යාත්මක පදනමක් සහිත සමාජීය විද්යාවක් ලෙසට  හදුනා ගැනේ. ආර්ථික විද්යාවේ න්යායන්, කල්පිතයන් ගොඩ නගනුයේ අප සමාජයේ මුහුන දෙන්නා වු සහ නීරීක්ෂණය කරන්නා වු සිද්ධි අවබෝධ කර ගැනීමටය.එහෙත් ස්වාභාවික විද්යාවන් න්යායන් පරික්ෂා කරන්නේ පාලනය කරන ලද රසායනාගාර තත්ත්වන් තුළයි.නමුත් ආර්ථික විද්යාවේ එවැනි පාලනය කරන ලද තත්ත්වයන් තුළන්යයන් පරික්ෂා කිරීමක් සිදු කළ නොහැකිය.



04.ආර්ථික විද්යාව  හැදෑරිය යුත්තේ ඇයි?

  • ආර්ථික විද්‍යා‍වේ අදහස් සමාජය මත ප්‍රබල බලපෑමක් ඇති       කරයි.නුතන රාජ්‍ය පාලනයට අවශ්‍ය වේ. 

  • සාර්ථක පුරවැසියෙකු ලෙස සමාජිය තුළ කටයුතු කිරිමට. 

  • බුද්ධිමත් ඡන්ද දායකු විමට. 

  • විශ්ලේෂනාත්මක නිපුනතාවය හා තාර්කික  සිතිමේ හැකියාව       වර්ධනයට.


 

05.මිනිස් වුවමනාවල දක්නට ලැබෙන මුලික ලක්ෂණ කිහිපයකි.


  • මිනිස් වුවමනා විවිධ සහ විදෂම විම.

  • මිනිස් වුවමනාවල  පවත්නා අවේණික  හා අනුපුරක බව.

  • මිනිස් වුවමනා වලින් සමහරක් උපතේ සිට ආරමිභ වේ. මෙය ආවේණක බවයි) (එක් වුවමනාවක් ඉටුකරගත් පසු එයට සමිබන්ධිත තවත් වුවමනාවල් රාශියක් ඇතිවිම අනුපුරක බව ලෙසට සැලකේ.



06.අවශ්‍යතා සහා වුවමනා


මිනිසාගේ ඇතැමි වුවමනා මුලික ජිව විද්‍යත්මක අවශ්‍යතා සපුරා ගැනිමේ අවශ්‍යතා තුළින් පැන නගී.උදාහරණයක් වශයෙන් ආහාර ,වස්ත්‍ර, වාසස්ථාන වන ආදිය දැක්විය හැකි. ජිවත්විම සදහා අවශ්‍ය කරන මෙම මූලික දෑ ඇතැම් විට අවශ්‍යතා යන සංකල්ප‍යෙන්ද හදුන්වනු ලැබේ.එබැවින් මිනිස් අවශ්‍යතා යනු මිනිසෙකු වහයෙන් ජීවත්වීමට පුද්ගලයෙක්ට අවශ්‍ය අවම දෑය.ජීවත්වීමට අවශ්‍ය අවම දෑ සපුරාගැනීමට එතරම් අසීරු නොවේ. එම අවම දෑ ඇත්තේ සීමිත ප්‍රමාණයකි.අවශ්‍යතා/ අවම දෑ  අතරට ගැනෙනුයේ ආහාර,ජලය,වස්ත්‍ර, වාසස්ථාන ආදි භෞතික අවශ්‍යතා සහ ආත්ම අභිමානය, පවුල හෝ සමා ජ කණ්ඩායමකට බැඳි සිටිමේ අවශ්‍යතාවය, ආදරය ලැබිම සහ කිරිමල ලිංගික සතුට වැනි මානසික අවශ්‍යතාවයන් වේ.

අවශ්‍යතා, ජීව විද්‍යාත්මක සූලයන් සමඟ බැඳි පවත්න අතර වුවමනාවන් සම්ප්‍රධායන්, සිරිත් විරිත් හා සංස්කෘතිය සමඟ බැඳ පවති.එසේම කාලයත් සමඟ වුවමනාවන් වෙනස් විමේ ප්‍රවනතාවයක් ද පවති.නව නිෂ්පාදන බිහි වීමත් සමඟ වුවමනාවන් වර්ධනය වීමක්  සිදුවේ.මීට කලකට ඉහත දී ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාලය,ඩිජිටල් කැමරා වැනි දෑ අපට වුවමනා වූයේ නැත.එකල ඒවා දක්නට නොතිබුණු නිසාය.එහෙත් දැන් මිනිස්සු ඒවා අත්කර ගැනිමට ආශා කරති.බෝහෝ අවස්ථාවල ප්‍රචාරනය තුළින් මිනිස් වුවමනාවන් බිහි කෙරේ.මිනිසුන්ගේ වුවමනාවන් බිහි කෙරේ.මිනිසුන්ගේ වුවමනාවන් සැකසීමට ප්‍රචාරණය ඉවහල් වේ.‘‘යහපත්ජීවිතයක්‘‘ පිළිබද ප්‍රතිරුප,ප්‍රචාරනය තුළින්  ගොඩනගනු ලැබේ.උදාහරනයක් වශයෙන් නගරාශ්‍රිත ප්‍රදේශයක නිවාසයක් තිබිම,සුබෝපභෝගී මෝටර් රථයක් පැදවිම යහපත් ජීවිතයක අවශ්‍ය අංග වශයෙන් ප්‍රචාරණය තුළින් හුවා දෑක්විය හැකි.ඒ මඟින් වුවමනා සැකසේ.මේ අන්දසට සැලකු විට එක්එක් වුවමනා වෙන්ව ගත් විට ,ඒවා පිළිබඳ සීමාවන් තිබුණත් සමස්තයක් වශයෙන් ගත් විට යම් දෙන ලද අවස්ථාවක පුද්ගලයා හා සමාජය සතු වුවමනා ප්‍රමාණයට සීමාවක් නොමැත.ඒවා අසීමිත වේ.එසේම යම් දෙන ලද අවස්ථාවක අසංතෘප්ත වු වුවමනාවන් රැසක් පවතී.එබැවින් අසීවිත වුවමනා පිළිපඳ සකඡචා කිරීමේ දීඅප බෝහෝ විට අවශ්‍යතා යන සංකල්පය අතර වෙනසක් නොදකින අතරඒවා සමාන අර්ථ සහිත පද වශයෙන් භාවිතා කෙරේ.එහෙත් ඇතැමුන් එම සංකල්ප වෙනස් සංකල්ප ලෙස භාව්තා කරති.වුවමනා යනු අවශ්‍යතා සපුරා ගන්නා මාධ්‍යයන්ය.උදාහරණයක් වශයෙන් ජිවිත පවත්වගෙන යාම සඳහා මිනිසුන්ට මූලික අවශ්‍යතා පවති. ආහාර ,වස්ත්‍ර, වාසස්ථාන වැනි අවශ්‍යතාවයන් ය.මූලික අවශ්‍යතාවන්ට අතිරේකව මිනිසුන්ට විවිධාකාර වු මානසික හා සමාජය අවශ්‍යතාවන් තිබිය හැකිය.උදාහරණයක් වශ්‍යෙයන් ආරක්ෂාව,අභිමානය,ගෞරවය,ඉලක්ක අත් කර ගැනීම, බලය වැනි දෑ සැලකිය හැකිය.මූලික අවශ්‍යතා හා සෙසු අවශ්‍යතා ගත් විට ඒවා සපුරා ගත හැකි විවිධාකාර මාර්ග තිබේ.වුවමනා වශයෙන් සැලකෙන්නේ එකි  අවශ්‍යතා සපුරා  ගැනිමට යොදා ගැනෙන විවිධාකාර මාර්ගයන්ය.අදාහරණයක් වශයෙන් වස්ත්‍ර(ඇදුමි) මිනිස් අවශ්‍යතාවයකි.මෙම අවහ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගවුම්  ,සාරි,ටී ෂර්ට්, කලිසම්, සරම්, කමිස වැනි විවිධ.


මෙම කැප කිරීම ආවස්ථික පිරිවැය,ආර්ථික පිරිවැය, මූර්ථ පිරිවැය යන පද වලින් ද හැදින්වේ.


උදා:- කිසියම් පුද්ගලයෙකුට කලාතුරකින් එලැඹෙන එක්තරා නිවාඩු දිනයක් ගත කිරීම සම්බන්දව පහත සඳහන් පරිදි විකල්ප අවස්ථා රැසක් ඇතැයි සිතමු.

  • යහළුවන් සමඟ විනෝද චාරිකාවක් යෑම.

  • නට්‍ය සංදර්ශනයක් නැරඹිම.


ඔහු විනෝද චාරිකාව යාම තෝරා ගත්තේ නම් එහි ආවස්ථික පිරිවැය වන්නේ නිවාඩු දිනය ගත කිරීම සඳහා ඊළට ඔහු වඩාත් කැමැත්තක් දැක් වු විකල්පයෙ වටිනාකම වේ.

කිසියම් තේරීමක් ආවස්ථික පිරිවැය ඇගයීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයකි.එනම්,

  • ආවස්ථික පිරිවැය මූර්ථමය සංකල්පයකි.

  • ආවස්ථික පිරිවැය ආත්මගත සංකල්පයක් බව.



ආවස්ථික පිරිවැය ශුන් වන අවස්ථා,

  • නොමිල භාණ්ඩ තිබිම.

  • එක් භාවිතයක් පමණ යොදා ගැනෙන නිෂ්පාදන භාණ්ඩ හෝ සම්පත් තිබිම.

  • පොදුවේ විරැකියා තත්ත්වයක් තිබිම.



ස්වභාව ධර්මයේ දායාද ලෙස ලැබි ඇති ඇතඅම් දෑ වල ආවස්ථික පිරිවැයක් නැත.උදා:-වාතය.


විකල්ප භාවිත නොමැති හිඟ සම්පත්වල ආවස්ථික පිරිවැයක් නොමැතඋදා:- ආකර්ශනීය දර්ශනයක්.ජල විදුලි බලාගාරයක්.ඔරලෝසු කණුවක්.

5 comments: